(දිල්රුක්ෂි ග්‍රේරු )
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධ වාර්තාවන චීනය, දකුණු කොරියාව, ඉතාලිය ඇතුළු රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
මේ සම්බන්ධව අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දෙමින් අද(6) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ලෝකයේ රටවල් 70 කට අධික සංඛ්‍යාවකින් වාර්තා වන කොරෝනා (කොවිඩ් 19) වෛරසය ආසාධිත රෝගීන් සම්බන්ධ තොරතුරු හේතුවෙන් මෙම පියවර ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

