තම පුතාගේ අස්වීමේ සහතිකය ගැනීමට දින තිහක්ම හසලක ජාතික පාසලට ගොස් හිස අතින් ආ මවක් සොයා, එම සහතිකයද රැගෙන හසලක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්.එම්. සමරකොන් බණ්ඩා ගිය නමුත් බදාදා ඇය ගෙදර නොසිටියාය. පැය කිහිපයකට පසුව හසලක අධ්‍යාපන කාර්යාලයට ගිය ඇය අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ.ජී ගුණරත්න මහතාගෙන් සහතිකය ලබාගත්තාය.
දැනට පැවිදිබිමට ඇතුළුවී සිටින පුතා පිරිවෙනකට ඇතුළු කිරීම සඳහා අස්වීමේ සහතික නිකුත් නොකළ විදුහල්පති ජී.එල්.ඩබ්ලිව්.එස්. ඉන්ද්‍රලාල් ඊට හේතුව වශයෙන් දැක්වූයේ ”අලියයි වඳුරයි” නම් පුස්තකාල පොත බාරදී නැති බවයි. ඒ පොත සිසුවා අතින් අස්ථාන ගතවී තිබිණි. ඒ පුවත ලංකාදීප පත‍්‍රයේ පළවූ විට විදුහල්පති මවට කීවේ ලංකාදීපයෙන් එය ඉල්ලාගන්නා ලෙසය.
