අදියර කිහිපයකින් උපාධිධාරීන්ට රැකියා


(නිමල කොඩිතුවක්කු)


රැකියා දස ලක්ෂයක් ලබාදීමේ  වැඩපිළවෙළ යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සදහා අදියර කිහිපයක් යටතේ පත්වීම් ලබාදීමට කටයුතු කරන බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.


රැකියා විරහිත උපාධිධාරින් 4100ක් සඳහා පත්විම් ලිපි ප‍්‍රදානය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගියදා සිදුකළ බවත්  එහිදී පත්වීම් නොලැබුනු පිරිස් සදහා මෙම වසර තුළදී තවත් අදිරක් යටතේ පත්වීම් ලබාදිමට රජය සැළසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ව්‍යාපෘති කලමනාකරණ සහ යෞවන කටයුතු  අමාත්‍යංශය ඇතුලූ අමාත්‍යාංශ සඳහා එම පිරිස අනියුක්ත කරනු ලැබීය. 
 
මානව කළමනාකරණය පිළිබඳ  අවධානය යොමුකරමින් සැළැස්මක් සහිතව අදියර කිහිපයක් යටතේ පත්විම් ප‍්‍රදානය කිරීමේ කටයුතු සිදු කරන බවද ඔහු සඳහන් කළේය.