නුගවෙල අදිකාරම්ගේ යැයි සැලකෙන කඩු තුන බියගම සියඹලාපේ ඩිමෝ හන්දිය අසල කුණු බක්කියට ගිය ජුනි මාසයේදී දැමූ පුද්ගලයා සොයා ගැනීමට රහස් පොලීසිය වෙහෙසෙයි.
බියගම ප්‍රදේශීය සභා සේවකයකු එම ‘යකඩ‘ පාර්සලය දැක ඇත.
දෑකැති හදා ගැනීමට ගෙදර ගෙන ගිය කඩු ඔහු අද බියගම ප්‍රදේශීය සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකට බාර දුන්නේය.
ඔහු එම කඩු ප්‍රාදේශීය සභා සභාපති ආනන්ද ගනේපොල මහතාට බාර දුන්නේය.
අත්අඩංගුවේ පසුවන කංගැට්ටා නම් සැකකරුගෙන් ලැබුණු බව කියන තොරතුරක් ඔස්සේ හඹා ගිය පොලීසිය කඩු තුන අද සොයා ගත්තේය.
රහස් පොලීසිය එම කඩු සිය බාරයට ගත්තේය.