අද වැස්ස නැති කාලගුණයක්


(ඩයනා උදයංගනී)

පසුගිය දිනවල පැවති වැසි තත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (1) දිනයේදී මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරුද ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.