(ඩයනා උදයංගනී)
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදී නීතිවිරෝධී ලෙස හැසිරුණු අයට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී ඊට එරෙහිව වෛද්‍යවරුන් වැඩවර්ජන කිරීම ඔවුන්ගේ වෘත්තීය ගෞරවය නැති කරගැනීමක් බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
සයිටම් ප‍්‍රශ්නය විසඳිය යුත්තේ අහිංසක රාජ්‍ය නිලධාරීන්ට හෝ රෝගීන්ට හිරිහැර කර නොවන බව කී ඩිලාන් පෙරේරා මහතා එසේ ජනතාවට හිරිහැර කළ හා අමාත්‍යාංශයේ දේපල විනාශ කළ අයට දඬුවම්දීම අවශ්‍ය බව ද කියයි.
මෙහිදී සිසුන්ට අමානුෂික ලෙස පහරදීමක් සිදු වී ඇත්නම් එයට ද නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව ඩිලාන් පෙරේරා මහතා කීවේය.
“වෛද්‍යවරුන්ට පක්‍ෂ අයට නීතිය ක‍්‍රියාත්මක කරන්න එපා, භික්‍ෂූන් වහන්සේලාට නීතිය ක‍්‍රියාත්මක කරන්න එපා, මුස්ලිම් ඇමතිවරුන්ට, උතුරේ මහ ඇමතිට විරුද්ධව නීතිය එපා, හමුදාවට විරුද්ධව නීතිය එපා කියනවා නම් රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධව ද ගැටලූ ඇතිවනවා“යැයි ඇමතිවරයා කීවේය.
තමන් ද බරපතල ලෙස සයිටම් ආයතනයට විරුද්ධ බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් රජය නිසි ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවක සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදී එහි නිලධාරීන්ට හිරිහැර කිරීම වරදක් බව ද පවසයි.
පෙරේරා මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (22) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

