අද මැදියම් රැයේ සිට දුම්රිය රියදුරෝ ලෙඩ වෙති


(මහින්ද නිශ්ශංක)

අද(05) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට(06) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමට දුම්රිය රියදුරන් තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

සංගමය අද(05) දහවල් රැස්වී මෙම තීරණය ගත් බවද ඔහු කීය.

දුම්රිය රියැදුරන් කුඩු ප්‍රවාහනය කරන බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශයකට විරෝධය දක්වා මෙම තීරණයට එළඹි බවද ඉන්දික මහතා පැවසීය.

දුම්රිය රියැදුන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දුම්රිය පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් සහාය දක්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියතිලක මහතා පැවසීය.