අද ප්‍රශ්න පත්තරෙත් අවුලක්
අද පැවති උසස් පෙළ භෞතික විද්‍යා නව සහ පැරණි ප්‍රශ්නපත්‍ර දෙකේම සංශෝධන දෙක බැගින් හතරක් තිබූ බව සිසුහු හා ගුරු සංගම් පවසති.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ විභාගය ආරම්භ කළ දින සිට මේ දක්වා විෂයන් 4ක ප්‍රශ්නපත්‍ර හයක ගැටලු සහගත තැන් තිබූ බවයි.
අද භෞතික විද්‍යා සංශෝධන කියවා තේරුම් කළ නොහැකි නිසා කළුලෑලිවල ලියා තිබූ බවත්, කළුලෑල්ලෙන් ඈත සිටි සිසුන්ට ඒවා බලාගැනීමට අපහසු නිසා වාඩිවී සිටි ස්ථානයෙන් නැගිට ගොස් ඒවා බලා ගැනීමට සිදුවූ බවත් ස්ටාලින් මහතා පැවසීය.
උත්තර පත්‍ර ලිවීමේ කාලය ඒ සඳහා වැය කිරීමට සිදුවූ නිසා කාල කලමනාකරණයට ගැටළු ඇති වූ බව සිසුහු පවසති.

