(යොහාන් භාසුර)
මරදාන දුම්රිය ස්ථනයෙන් අද (19) පස්වරු 6.25 ට පිටත්ව අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කර අලුත්ගම දුම්රිය අංගනය වෙත ගාල් කිරීමේදී දුම්රියේ එංජිම පීලි පැනීමකට ලක්ව තිබේ.
මෙය අද දිනයේ වෙරළබඩ දුම්රිය මාර්ගයේ වාර්තා වූ දෙවැනි දුම්රිය පීලි පැනීමයි.
රාත්‍රී 9.15 ට පමණ වූ මෙම පිලී පැනීමේදී එන්ජිමේ රෝද හතරක් පිටතට පැන ඇති බවත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට එය බාධාවක් නොවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

