අද දවසේ කාලගුණය


(ඩයනා උදයංගනී)

පළාත් කිහිපයක අද (12) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සබරගමුව, බස්නාහිර පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන අතර වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඌව පළාතේත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද ඔහු කීවේය.

සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව ද එම ප්‍රකාශකයා පැවසීය. උතුරු සහ උතුරු මැද පළාතවලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද හෙතෙම සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය.