අද කොළඹ හෙල්ලුනේ වරායේ වැඩ නිසයි
අද උදෑසන කොළඹ ගොඩනැගිලි කිහිපයකට සුළු සෙලවීමක් දැනුණු බවට වාර්තා වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ් ඒ සරත් ලාල් කුමාර මහතා කියයි.
භූවිද්‍යා හා පතල් කැණීමේ කාර්යංශයේ සභාපති ආචාර්ය එන් පී විජයානන්ද මහතා පැවසුවේ කොළඹ දකුණු වරාය ගැඹුරු කිරීම සඳහා භූගතව සිදුකරන පිරීම් නිසා එම සෙලවීම දැනී ඇති බවයි.
මේ වන විට එවැනි පිපිරීම් 11ක් කර ඇතත් එවැනි සුළු සෙලවීමක් වාර්තා වූයේ අවස්ථා දෙකකදී පමණක් බවද, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිර්ණායකවලට අනුව මෙතෙක් කළ පිපිරීම් සිදු කර ඇති බවද, ඔවුන්ගේ පිපිරවීම්වල ප්‍රභලත්වය මැනීම සඳහා මාපක සවිකර ඇති බවද විජයානන්ද මහතා පවසයි.
වැඩිදුරටත් ඔහු පවසන්නේ මෙය භූකම්පන තත්ත්වයක් යැයි වැරදි වැටහීම් ඇති කර නොගන්නා ලෙසයි.

