අතේ කෑලිත් ගලවන්න හදලා


කොළඹ ගාලු මුවදොර පිටියේ නවතා තිබූ වාහන  කොටස් ගැලවීයැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට යද්දී පොලිස් කොස්තාපල්වරයකුගේ අත සහ බඩ සපා කා පැන යෑමට තැත්කළැයි පිළියන්දල රංග ප්‍රියංකර නම් තරුණයකු ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් අද නියෝග කළේය.

සැකකරුට රෝගයක් වැළැඳී ඇත්දැයි සෙවීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ලවා රුධිර සාම්පල පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය කළ ඉල්ලීමටද වැඩ බලන මහේස්ත්‍රාත් අවසර දුන්නේය.