අතුරුදන්වූ කොස්තාපල් සොයා තෙවැනි දිනටත් පන්නල රක්ෂිතය පීරයි


(හේමලතා ඩි හේවගේ)
 
කඩවත පොලිසියේ සේවයේ නියුතුව සිටියදී  අතුරුදන්වු පොලිස් කොස්තාපල්වරයා  සොයා  අද (20) තෙවැනි දිනටත් පන්නල - කංකානියමුල්ල රක්ෂිතයේ පරික්ෂණ කටයුතු සිදුකෙරුණි.
 
කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිගේ අධික්ෂණය යටතේ කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ නිලධාරින් 100 ක් පමණ අද (20) දින පොලිස් කොස්තාපල්වරයා සෙවිමේ මෙහෙයුමට එක්ව සිටියහ.
 
පොලිස්  කොස්තාපල්වරයාට සිදු වූයේ කුමක්දැයි  නිශ්චිත වශයෙන් තවමත් සාක්ෂියක් නොමැති අතර රක්ෂිතයේ තැනින් තැන තිබු රුධිරය  පොලිස් කොස්තාපල්වරයාගේ නම් ඔහු මේ වනවිටත් ඔහු මියගොස් තිබිය යුතු බවට පොලිසිය සැක පහල කරයි.
 
මෙම සිද්ධිය සම්බන්ධව දුරකතන විශ්ලේෂණ ඔස්සේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනා අතර කැලණිය කොට්ඨාස භාර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපුල් ආරියරත්න ,කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරින්ගේ එකතුවෙන් පරීක්ෂණ සිදු කෙරෙති.