අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇත.
මෙම කාර්යාලයට අතුරුදන් වු පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ වෙනත් ඕනෑම අයකුට මෙන්ම ආයතන වලට ද පැමිණිලි කිරිමේ හැකියාව පවතී.

