(ඉන්දිකා රාමනායක)
දින කිහිපයක සිට අතුරුදව සිටී කඩවත පොලිසියේ කොස්තාපල්වරයාගේ මළ සිරුර පන්නල වේරහැර බුළුගොඩ ලඳු කැලෑවකින් සොයා ගෙන ඇති බව පොලිසිය කියයි
සෝදිසි මෙහෙයුම් වල නිරත පොලිස් කණ්ඩායම අද ( 21)අලුයම මෙම මළ සිරුර සොයා ගෙන ඇත .
කඩවත පොලිසියට අනුයුක්තව පොලිස් රියදුරකු වශයෙන් රාජකාරි කරමින් සිටියදී ඉකුත් (17) අලුයම සිට කොස්තාපල්වරයා අතුරුදන්ව තිබිණි . සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරුගෙන් හෙළි කර ගත් තොරතුරු මත මෙම මළ සිරුර සොයා ගෙන තිබිණි .
කොස්තාපල්වරයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද එම ස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇත . කොස්තාපල් ගේ සිරුර සොයා ගෙන ඇත්තේ ඔහු අතුරුදව දින පහකට පසුවයි . කොස්තාපල් වීරකැටිය ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි විවාහකයෙකි .


ඡායාරූප - හේමලතා ඩි හේවගේ

