(යොහාන් භාසුර)
කැබිනට් මණ්ඩලය යෝජනා කළ අතීතයට බලපාන පරිදි අතුරු විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පස්වරුවේ පැවසීය.
මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රැස්වීම අද (31) පැවැති බවත් එම රැස්වීම සෙසු සාමාජිකයන් තිදෙනා ද ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ සහභාගි වූ බවත් සභාපතිවරයා කීය.

