අතුරු තහනම දිග් කරයි
එක්සත් ජාතික පක්ෂයේ විනය කඩකළැයි මනුෂ නානායක්කර හා උපේක්ෂා ස්වර්ණමාලි යන මන්ත්‍රිවරුන් නෙරපා හැරීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කළ කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා නඩුව පෙබරවාරි 21 දාට කල් තැබිය. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෆයිස් මුස්තෆා මහතා උසාවියට කරුණු දක්වමින් කියා සිටියේ අයවැය විවාදය නිසා මන්ත්‍රීන් දෙදෙනාට උසාවි පැමිණිමට නොහැකි හෙයින් වෙන දිනයක් ලබා දෙන ලෙසයි.

