අත්හල දරුවන්ට රැකවරණ


බණ්ඩාරගම මහමග දමාගොස් සිටි දරු තිදෙනා උසාවියට ඉදිරිපත් කර ළමා නිවාසයකට බාරදෙන බවත් පියාට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
එම දරුවන්ට මවගේ රැුකවරණ නොලැබෙන බව පෙනේයැයිද ජයකොඩි මහතා කියයි.
මෙවැනි සිද්ධිවලට සම්බන්ධ මව්පියන් අත්අඩංගුවට ගැනීමේ බලතල ජාතික ළමා රක්ෂණ අධිකාරියට ඇතැයි එහි සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය කියයි.