අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි සැකපිට අත්අඩගුවේ සිටින චන්දන සම්පත් අත්තටගේ (සම්පත් අත්තටගේ) ඇතුළු පස් දෙනා ජනවාරි 10 වැනි දින තෙක් නැවතත් රිමන්ඩ් කරන ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරියකගෙන් ප්‍රශ්න කරගෙන යන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වුවාය.
ප්‍රධාන සැකකරුගේ සහායකයකු වන ලක්ෂාන් ජයසිංහ, නයිවල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු වන සිරිවර්ධන ජයසේන, නයිවල රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නිරෝෂන් සංජීව, සහ විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු මංගල ප්‍රිය ශාන්ත සෙසු සැකකරුවෝ වෙති.
මෙම සිද්ධිය සුළු කොට තැකිය නොහැකි බවත් විභාග රහස් විභාගයට කලින් පිට කිරීම විශාල වරදක් බවත් මහේස්ත්‍රාත්වරිය පැවැසුවාය.
අත්තටගේ ඇතුළු සැකකරුවනට ඇපදෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරු ඉල්ලූහ. ඔවුනට ඇප දීමෙන් විභාගයට පෙනී සිටි සිසුනට ලොකු අගතියක් වන බව මහේස්ත්‍රාත්වරයි ප්‍රකාශ කළාය. ඇප ප්‍රතික්ශේප කළ මහේස්ත්‍රාත්වරිය අත්තටගේ ගෙන් හා ටියුෂන් ගුරු සිරිවර්ධන ජයසේන ගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර දුන්නේය.

