අතරමැදි බොක්සිං තරගාවලිය - 2012 By None // 2012 ජුලි 19 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ අතරමැදි බොක්සිං තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ පී. ඞී. පනාගොඩ ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස මාස් තුරුලිය ක‍්‍රීඩා සමාජයේ දිල්හාරා අබේවර්ධන ද සම්මාන ලැබුහ. කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී බර පංතිවලින් ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාතික ශූරතාවලිය ඇතුළු බොක්සිං සංගමය මෙහෙයවන ප‍්‍රධානතම තරගවලට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ. කිලෝග‍්‍රෑම් 60 ලයිට් බර පංතියෙන් තරග කළ විද්‍යාර්ථ විදුහලේ පී. ඞී. පනාගොඩ එහි අවසන් තරගයේදී ගුවන් හමුදා ක‍්‍රීඩා සමාජයේ කොතලාවල විද්‍යාපීඨයේ එල්. එම්. සුදුවැලිකන්ද පරදවා ලකුණු 14/13 ක තියුණු ජයක් ලැබීය. සුදුවැලිකන්ද, දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයාවිය. කිලෝග‍්‍රෑම් 54 බැන්ටම් බර පංතියේ (කාන්තා) අවසන් තරගයේදී යුද හමුදා ක‍්‍රීඩා සමාජයේ එන්.ඞී.ප‍්‍රනාන්දු ලකුණු 30/28 කින් පරදවා දිල්හාරා විශිෂ්ට ජයක් ලබා ගත්තාය. දිල්හාරා හමුවේ තියුණු තරගයකින් පසුව පරාජය වු ඞී. ප‍්‍රනාන්දු දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස ද එහිදී තේරීපත් වුවාය. පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැති මෙම තරගාවලියට වයස 17-34 අතර වයසේ පසුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 272 දෙනෙක් සහභාගි වුහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත