අත දරුවා අමුණට වැටී මරුට


වැලිපැන්න වලගෙදර කදුරුවත්ත ඇළ ඉහළ අමුණ අසලින් ගමන් කළ 30 හැවිරිදි මවක පය ලිස්සා ගොස් අත දරුවා සමග අමුණට වැටීමෙන් දරුවා මියගිය අතර මව පීනා ගොඩට පැමිණියාය. ගැමියන් වහා අමුණට බැස දරුවා ගොඩගත් නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටියේය.