අඩු මිල බත් පතක් ගංගාරාමයෙන්


සහල් කිලෝවකින් හය දෙනකුට ප්‍රමාණවත් පිරිසුදු ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී 25 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව එහි සහන සේවා සංවිධානය කියයි.

ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අදහසක් අනුව මෙය ක්‍රියාත්මකවේ.

මාර්තු 25 වැනිදා දස දහසකට දිවා ආහාරය නොමිලේ ලබා දීමෙන් ඇරඹෙන මෙම වැඩසටහන යටතේ පසුදින සිට දහවල් 11 සිට සවස 6 දක්වා සාධාරණ මිලකට ආහාර වේලක් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත.

ගංගාරාමය අනුබද්ධ බේරේ වැව සීමාමාලකය සහ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාල භූමි පරිශ්‍රයේදී බත් පැකට් ලබාදීම සිදු කෙරෙන අතර මිල පාලනයක් නැති අසාධාරණ වෙළඳුන්ගෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කරදීමටත් සෞඛ්‍යයට හිතකර සාධාරණ මිලකට බත් පැකට්ටුවක් ලබාදීමත් මෙම වැඩසටහනින් අපේක්ෂා කෙරෙයි.