අඟුණුකොළේ උදෙන්ම රත්වෙයි
වී වගාවට වතුර ඉල්ලා අඟුණුකොළපෑලැස්සේ ගොවීහු අද අඟුණුකොළපෑලැස්ස මහවැලි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ. මීට එක්වූ වැඩිදෙනා ගෙවිලියෝය. සමනළ වැවෙන් උඩවලවේ ජලාශය හා චන්ද්‍රිකා වැව ඔස්සේ එවන වතුර චන්ද්‍රිකා වැවෙන් අඟුණුකොළපෑලැස්සට මුදා නොහරිතියි ගොවියෝ කියති.

