අගවිනිසුරු පොලිස්පති යාපනේ


අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා සමග පොලිස්පති එම්.කේ.ඉලංකෝන් මහතා යාපනයට ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

උතුරේ සමූහ දූෂණයට ලක්වූ දැරියගේ සිද්ධියෙන් පසු උතුරේ කලබල සංසිඳී යාමත් සමග එම තත්ත්වය තවත් වැඩිදියුණු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් ලබාගැනීම මේ ගමනේ අරමුණවිය.

උද්ඝෝෂකයන්ගේ ප්‍රහාර හේතුවෙන් හානියට ලක්වූ ගොඩනැගිලි යථා තත්ත්වයට පත් කරන්නැයිද නීතිඥයන්ට ආරක්ෂාව සලසා දෙන්නැයිද අගවිනිසුරු මෙහිදී පොලිස්පතිට දන්වා ඇත.

උතුරේ විනිසුරුවන්ට නිල නිවාස ඉදිකිරීමට සුදුසු ඉඩම් තෝරා දන්වන ලෙසද අගවිනිසුරු එම ගමනේදී අදාළ බලධාරීන්ට දැනුම්දී ඇත.

 court_lowyer_04 court_lowyer_05