(අංජුල මහික වීරරත්න)
යහපාලන රජය යටතේ එක් මාධ්‍යවේදියකු හෝ ඝාතනය කර තිබේ නම් නම්කර පෙන්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියඹලාණ්ඩුවේදී විවෘත අභියෝගයක් කළේය.
වසර තුනක් ඇතුළත මාධ්‍යවේදීන් වෙනුවෙන් ආරක්ෂිත පරිසරයක් රටේ ඇති කළාට කළගුණ සැලකීමක් ලෙස මාධ්‍යය තමාට සහ යහපාලන රජයට අද කුණුහරුපයෙන් බණින බව ද අග්‍රාමාත්‍යවරයා කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවැසුවේ සියඹලාණ්ඩුව කොටියාගල දෙව්පුදගම විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මාධ්‍යවේදීන් සොයා සුදුවෑන් ආවේ නැතැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.