අගමැති අනිද්දා වැඩ බාරගනී



 
 (අජන්ත කුමාර අගලකඩ)
 
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (11) උදේ 10.30 ට අගමැති කාර්යාලයේ දී සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.                                  

ශ්‍රී ලංකාවේ 14 වැනි අගමැතිවරයා ලෙස අද (9) දිවුරුම් දුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ මෙරට මහමැතිවරණයේ ඉතිහාසයේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා බවට පත්වෙමිනි.