අකුරැස්සේදී පොලිසියට ගල්මුල්
අකුරැස්සේ බාල වයස්කාර දැරියන් තිදෙනකුට අතවර කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු පිරිසක් මරා දමන බව කියා ගල් ගැසූ බව කියන ත‍්‍රිරෝද රියැදුරෙක් අකුරැස්ස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය. දැරියනට අතවර කැළැයි සැකපිට අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් රිමාන්ඞ් බාරයේ සිටී.
පොලිස් කණ්ඩායම එහි ගිය විට ත‍්‍රිරෝද රියැදුරා අසල කන්දකට නැග හිරගෙවල ගියත්, බෝගහවත්ත මහත්මියගේ තරු ගලවා දමන බවත්, ඇය මරා දමන බව කියා ඇත.
පොලිසියේ කිසිවකුටත් ගල් වැදී නැත.

