අකුරැස්ස හිටපු සභාපති යළි රිමාන්ඩ්
දා හතර හැවිරිදි දැරියක කෙළෙසී යැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් (48) හා ඔහුගේ මස්සිනා වන ප්‍රියන්ත වික්‍රමසිංහ (43) මාතර මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් අද යළි රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් ගැන රහස් වාර්තාවක් ළමා හා කාන්තා කාර්යංශයට ඉදිරිපත් කැරිණි.

