අකුරැස්ස සභාපති නම කපයි


අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ  සභාපති සාරුව ලියනගේ සුනිල් එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධව ගැසට් නිවේදනය මාතර තේරීම් බාර නිලධාරි විසින් නිකුත් කරනු ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සඳහන් කරයි. ළමා අපචාර  චෝදනා එල්ල වීමෙන් පසු ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු ක බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප‍්‍රකාශ කර තිබිණි.