අකුරැස්ස සභාපති ආයෙත් රිමාන්ඩ්


14 හැවිරිදි දැරියක කෙළෙසී යැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සරුව ලියනගේ සුනිල් සහ ඔහුගේ මස්සිනා වන ප්‍රියංග ඉඳුනිල් වික්‍රමසිංහ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ලබන 10 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. දැරිය කෙළෙසීයැයි කියන ලැගුම් හලේ හිමිකරුට සභාපතිගේ වැඩිමහල් පුතා විසින් තර්ජනය කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය. ඒ සම්බන්ධ වර්තාවක් සතියකින් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් රහස් පොලිසිය නියෝග කෙළේය.