අකුරැස්ස ප්‍රා සභාපති සංධාන ලේකම් උසාවි ගෙනෙයි
කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් ජයතිලක මහතා එක්සත් ජනතා නිදහස් සංධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිට අද අතුරු තහනම් නියෝග දැන්වීමක් නිකුත් කරමින් ලබන 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වීය. බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි රිමාන්ඩ් බාරයේ සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාපති සාරුව ලියනගේ සුනිල් තම සංධාන සාමාජිකත්වය තහනම් කළැයි ප්‍රේමජයන්ත මහතාට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ විනිසුරු එම නියෝගය කෙළේය. එහෙත් ඔහු පැතූ අතුරු තහනම ප්‍රතික්ෂේප විය.

