අකුරණ යටවේ


මහවැලි ගඟේ අතු ගංගාවක් වන පිඟා ඔය පිටාර ගැලීමෙන් අකුරණ නගරය අඩි හතක් ගං වතුරෙන් යටවී ඇත. නගරයේ කඩ සියයක් පමණ දැනට යටවී ඇති බවත්, ජල මට්ටම තවත් ඉහළ නගින්නට පටන් ගෙන ඇති බවත් නගර වැසියෝ කියති. අලුයම 12.30 ට පමණ ගංවතුර ගලා ආ බව ද ඔවුහු කියති. මේ අතර දෙදිනක් තිස්සේ අම්පාරට තද වැසි පවතී.