අකුරණ ප‍්‍රාදේශීය ලේකම් ”ගල්වලක” වැටේ
ගල් මෝල් හිමියකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගත් බව කියන අකුරණ ප‍්‍රාදේශීය ලේකම් එම්.ඒ. මොහොමඞ් නියාස් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් ඔහුගේ කාර්යාලයේදී අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.
ගල්මෝලේ බලපත‍්‍රය දීර්ඝ කිරීම සඳහා ඔහු මේ අල්ලස ගනිද්දී අල්ලස් කොමිසමේ පොලිස් නිලධරයෝ වෙස් වලාගෙන එහි ගියහ.

