අක්මීමන දයාරතන හිමි රිමාන්ඩ්


(මුදිතා දයානන්ද)
 

ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින් 31 දෙනකු  එම ස්ථානයෙන් ඉවත්කර රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා එම නිවස ඉදිරිපිට ප‍්‍රකෝපකාරි  ලෙස හැසිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් ජාතික බලමුළුව සංවිධානයේ සාමාජික  අක්මීමන දයාරතන හිමියන් ඔක්තෝබර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් මහතා අද (2) නියෝග කළේය.

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා