(ජේ.කේ.එල් චාමින්ද)
අක්මීමන ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රී ප්‍රභාත් කහදූවආරච්චි මහතා තමන් මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙන බව අද (16) පැවති අක්මිමන ප්‍රාදේශිය සභා රැස්විමේ දි විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.
තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තේරීම්භාරනිලධාරියා වෙත යොමු කර ඇති බවද හෙතෙම ප්‍රාදේශිය සභා රැස්විමේ දි පැවසිය.
තමාට කකුල් දෙක දෙපැත්තේ තබාගෙන දේශපාලනය කිරීමට නොහැකි නිසා සෘජු තීරණයක් මත දේශපාලනය කිරීම සදහා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව සදහන් කළ ප්‍රභාත් කහදුවආරච්චි මහතා. එ.ජා.ප. නායකත්වය ඩීල් දේශපාලනයේ නිරතව සිටින බවද සදහන් කළේය.
තමාට ඊට එකග විය නොහැකි බව පැවසූ මන්ත්‍රිවරයා හිතට එකගව දේශපාලනය කිරීම සදහා මෙම තීරණය ගත්බවද හෙතෙම සදහන් කළේය.
මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසත් මෙම තීරණය පිළිබද නැවත සලකා බලන ලෙස අක්මිමන ප්‍රාදේශිය එ.ජ.නි. සන්ධනායේ මන්ත්‍රිවරු ප්‍රභාත් කහදුවආරච්චි මහතාගෙන් ඉල්ලා සිටියහ.
තමා ගත් තීරණය අනුව ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදී ඇති බැවින් දැනට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් පසුව මේ පිළිබදව සලකා බලන බවත් ප්‍රභාත්කහදුවආරච්චි මහතා සදහන් කළේය.
ප්‍රාදේශිය සභා රැස්විම අක්මිමන ප්‍රාදේශිය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.


