
(ඉන්දිකා රාමනායක)
අංගොඩ ලොක්කාගේ කල්ලිය විසින් කොළඹ ඇතුලු බස්නාහිර පළාත තුළ පර්චස් 928 ක ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මොවුන් මෙම නීති විරෝධී ජාවාරම්වලින් කෝටි 50 ට අධික දේපළ උපයාගෙන ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එම දේපළ ඉදිරියේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්ත කිරීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනිමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
අංගොඩ ලොක්කා කැලණිමුල්ල, අඹතලේ යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය නීති විරෝධී වැලි තොටුපොළවල් සහ ඉඩම් ගොඩකිරීම් සිදුකරන ස්ථාන කිහිපයක්ම පසුගිය දිනවල පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම් සිදුකර සැකකරුවන් විශාල පිරිසක් හා ඒ සඳහා යොදාගත් උපකරණ පොලිසිය බාරයට ගෙන තිබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාත්රන මහතා මේ බව පැවසුවේ අද (10) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවදීය.

