අ'පුර සංධාන පෙළපාලියෙන් උසස්පෙළ සිසුන්ට බාධා ?
උතුරුමැද පළාත් සභා ඡන්දයේ සංධාන මංගල රැළියට පෙර වලිසිංහ හරිස්චන්ද්‍ර පිටියෙන් ඇරඹි පෙළපාලියකින් උසස් පෙළ විභාග අපේක්ෂකයනට බාධා සිදුවේදැයි යන්න වහා සොයා බලන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නියෝග කළේය.
අද දහවල් 12ට පමණ ආරම්භ කළ පෙළපාලියෙන් ඇතිවූ ඝෝෂාව නිසා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සහ ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය යන විභාග මධ්‍යස්ථාන තුනෙහි උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රයට පිළිතුරු ලියන විභාග අපේක්ෂකයනට බාධා වුණැයි ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කර ඇත.

