අ'පුර ආදායම් ලොක්කීත් යළි රිමාන්ඩ්
අනුරාධපුර කලුගල් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි රිමාන්බාරයේ සිටි නියෝජ්‍ය කොමසාරිස් දිස්නා වසන්ති මැණිකේ හා තක්සේරුකරුවන් වන එච් ජී පී සරත් කුමාර, චන්ද්‍රසිරි සිල්වා සහ පී එම් ජයරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් 20 වැනිදා දක්වා යළි රිමාන් කරනු ලැබූහ.
ඔහුගේ ගෙවිය යුතු අදායම් බදු මුදල අඩුවෙන් පෙන්වීම සඳහා රුපියල් දස ලක්ෂයක් පෙන්වා පන් ලක්ෂයක් ගත්තැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.

