අ'පුර ආදායම් ලොක්කීටත් ඇප


අනුරාධපුරයේ ගල් මෝල් හිමියෙකුගෙන් රුපියල් පන්ලක්ෂයක අල්ලසක් ගතතේ යැයි සැක පිට රිමාන්ඩ් භාරයේසිටි ආදයම් බදු නියෝජ්‍ය කොමසාරිස් හා තක්සේරුකරුවෝ  දෙදෙනෙක් කොලඹ ප්‍රධාන මහේස්ත්‍රත් රශ්ම්සිංගප්පුලි මහතා විසින් ඇප මත නිදහස් කරනු ලැබුහ. එන් අයෙකුට රුපියල් දෙලක්ෂයක් මුදලින්ද රුපියල් ලක්ෂ පනක් වු ශරීර ඇප දෙකක් බැගින් ද නියම විය. ඔවුන් ගේ ගමන් බල පත්‍රද උසාවි  භාරයට ගැනිණි.නියෝජ්‍ය කොමසාරිස් දිස්නා වසන්ති මැණිකේ විජේසිංහ හා තක්සේරුකරුවන් වන එච්.ජී.පී සරත් කුමාර චන්ද්‍රසිරි සිල්වා සහ ඊ.එම් ජයරත්න බංඩා සැකකරුවෝය.