අ'පුර ආදායම් ලොක්කිත් රිමාන්ඩ්
අනුරාධපුර කටුකැලියාවේ ගල් මෝල් හිමියකුගෙන් රුපියල් දස ලක්ෂයක පගාවක් ඉල්ලා රුපියල් පන් ලක්ෂයක් ගත්තැයි සැකපිට අනුරාධපුර ආදායම් බදු නියෝජ්‍ය කොමසාරිස් දීපිකා වසන්ති මැණිකේ විජේකෝන් හා තක්සේරු කරුවන් වන පී ඩබ්ලිව් ජී සරත් කුමාර චන්ද්‍රසිරි සිල්වා සහ ඊ එම් ජයරත්න කුමාර අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
අල්ලස් කොමිසමේ ප්‍රධාන පරීක්ෂක ඒ එච් එම් බී අබේසිංහ මහතා සැකකරුවන් මහේස්ත්‍රාත් නිල මැරිදියට ඉදිරිපත් කළේය.

