97 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ


ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 97 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට දිනේෂ්කාන්තන් තන්ගරාජ් සමත්විය. අම්රිතා මුත්තයියා කාන්තා කේවළ ශූරතාව පිට පිටම සිවුවැනි වරටත් දිනා ගැනීමට සමත්වුවාය. තරගාවලියේ විවෘත කේවළ ඉසව්වල අවසන් තරග පසුගියදා කොළඹ ග‍්‍රීන්පාත්’හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී පැවැත්විණ. මඩකලපුව ශාන්ත මයිකල් විදුහලේ ආදී ශිෂ්‍යයකු වන දිනේෂ්කාන්තන් තන්ගරාජ් ජාතික ශූරතාව දිනා ගත් පළමු අවස්ථාව මෙයවේ. තන්ගරාජ් මෙම වසර ඇතුළුව දෙවරක් ඬේවිස් කුසලාන ආසියානු ශාන්තිකර කලාපීය ටෙනිස් තරගාවලියේ ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට ද වරම් ලද ක‍්‍රීඩකයාය. අවසන් මහා තරගයේදී පාකිස්තාන් ක‍්‍රීඩක තන්වීර් ආශික් පරදවා 6/2, 6/4, 6/2 ක් ලෙස තන්ගරාජ් ජය ලැබීය.අවසන් පුර්ව වටයේදී තන්ගරාජ් විසින් ෂාමල් දිසානායක ද, තන්වීර් ආශික් විසින් නිසන්ගන් නඩරාජ් ද පරාජය කරන ලදහ. අම්රිතා මුත්තයියා සහ ලාබාල ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේ අතර පැවැති කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගය තරග වට 2/0 කින් අම්රිතා ජය ගත්තාය. එහිදී 6/0, 6/3 ක් ලෙස ලකුණු තත්ත්වය සටහන්විය. කොළඹ විශාඛා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙත්මි වඩුගේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනේ.