77 පෙම්වතීගේ ලක්ෂ හතර හමාරකට විදලා


පුවත්පතක පළ වූ මංගල දැන්වීමක් අනුව 77 හැවිරිදි එක් දරු වැන්දඹුවක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් 53 හැවිරිදි පෙම්වතකු, ඇගෙන් රුපියල් ලක්ෂ හතර හමාරක් ගැනීමෙන් අනතුරුව පුතාගෙන් රුපියල් 35000ක් ගැනීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පෙම්වතා මොරටුව කටුබැද්දේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රාජගිරියේ පදිංචි සැකකරු ඇය විවාහ කර ගන්නා බව පොරොන්දු වී ඇත.

එහෙත් ඔහු විවාහකයෙකියි පොලිසිය කියයි.