72වැනි නිදහස් සැමරුම නිදහස් චතුරස්‍රයේදී


(ඩයනා උදයංගනී) 
 

ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස්‍රයේදී දී අද(4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද පෙරවරු 8.00ට උත්සවය ආරම්භ වේ.
 
ජනාධිපති ආචාර වෙඩිමුර, ජාතික ධජය නැංවීම, ජාතික ගීය ගායනා කිරීම, ජනාධිපතිවරයා ජාතිය ඇමතීම ආදී කටයුවලින් පසු ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය ද පැවැත්වීමට නියමිතය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)