53ක් රෝහලේ 10ක් ගෙදර


පොතුහැර දුම්රිය අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙක් කුරුණෑගල  රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. 10 දෙනෙක් ප්‍රතිකාර ලබා පිටව ගියහ. පොලිසිය, යුද හමුදාව සහ මහජනතාව රෝගීන් රෝහලට රැගෙන එ්මට උදව් කළහ. වෛද්‍යවරු හා හෙද කාර්ය මණ්ඩලය ලහි ලහියේ ප්‍රතිකාර කටයුතු ආරැඹූහ.