5000 හොර නෝට්ටු සමඟ තරුණයෙක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

රුපියල්  5000 ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක්  සමඟ  තරුණයකු  ග‍්‍රෑන්ඩ්පාස් මෝලවත්ත ප‍්‍රදේශයේ දී කොළඹ උතුරු නීතිය බලගැන්වීමේ විශේෂ ඒකකය  විසින් රාති‍්‍රයේ අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු රාගල පදිංචි 25 හැවිරිදි තරුණයකු බවත්  ඔහු රාගල සිට මෙම ව්‍යාජ මුදල් කොළඹට ගෙනවිත් කොළඹ අවට ප‍්‍රදේශ වල වෙළෙද සැල්වලින් මාරු කරන බවද පොලිසිය සදහන් කරයි.

සැකකරු අද  සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත බාර දීමට නියමිතව ඇත.