40ක් ගංවතුරෙන් මරු දකී


ගංවතුර හා නායයාම්වලින් මේ වන විට 40 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි ආපදා කළමණාකරන නිලධරයෝ කියති.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ මාතලේ දිස්ත්‍රික්කයෙන් බව ද ඔවුහු කියති.

මේ අතර ගලෙන්බිඳුණුවැව මාතන්කට්ටිය වැව් ඉස්මතතේ හේනක වැඩ කරමින් සිට ඔරුවකින් එමින් සිටි දෙදෙනෙක් ඔරුව පෙරළී  මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

උඩවලව ජලාෂයේ දිය නෑමට ගිය අවුරුදු 15ක දරුවකු ද දියේ ගිලී මිය ගිය බව උඩවලව පොලීසිය පවසයි.