21 හැවිරිදි පෙම්වතිය ගැබිනියක කර රුපියල් ලක්ෂ 16ක් වටිනා රන් අබරණ වංචා කළැයි 40 හැවිරිදි දෙදරු පියෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ක්‍රිෂාන් රන්මල් පීරිස් එම පුද්ගලයාය.
දැරියගේ පැමිණිල්ලේ සඳහන් වනුයේ 12 හැවිරිදි වියේ සිට තමා ඔහුට පෙම් කළ බවයි.
ඔහු විසින් රන් පවුම් 54ක් වංචා කළැයි පැමිණිල්ලේ සඳහන් වේ.
විවාහ වී නවසීලන්තයේ පදිංචියට යන බව කියමින් මුදල් වංචා කළ බවත්, ඔහු තමා ගැබිනියක කළ බවත් ඇය කියා ඇත.

