21 න් පහළ ආසියානු හොකී තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා පිල බැංකොක් යයි


ආසියානු හොකී සම්මේලනය 6 වැනි වරටත් මෙහෙයවන වයස 21 න් පහළ ආසියානු කුසලාන (කාන්තා)  හොකී තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා හොකී පිල අද (26) තායිලන්තය බලා පිටත්ව ගියේය. තරගාවලිය අද (27) සිට ජුලි මස 8 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ. තරගාවලියට සහභාගි වු ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩිකාවෝ 18 දෙනෙක් ඇතුළත් වෙති. තරගාවලියට     සත්කාරක තායිලන්තය, ඇතුළුව ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, මැලේසියාව, දකුණු කොරියාව, ජපානය, කසකස්තානය, සහ පාකිස්තානය යන රටවල් 9 ක් සහභාගිවේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය සහ මැලේසියාව යන රටවල් සමග මුලික වටයේදී ‘බී’ කාණ්ඩයෙන් තරග වදියි. ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස නාවික හමුදාවේ ගීතිකා නන්දසේන ද, උප නායිකාව ලෙස කොළඹ හොකී පිලේ ප‍්‍රාර්ථනා උපේක්‍ෂා ද කටයුතු කරති. රොහාන් දිසානායක සහ එම්.ඒ.එම්. අෂ්රොෆ් පුහුණුකරුවෝ වෙති.සංචාරක ශ්‍රී ලංකා කාන්තා හොකී පිල