20ට ජනමත විචාරණයකුත් ඕනෑ


ආරියරත්න රණබාහු

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
 
පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම සඳහා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.
 
මෙය නොගෙනේම ආණ්ඩුව මීට දින කිහිපයකට පෙර තීරණයක් ගත් බව රජයේ ආරංචි මාර්ග කියයි.