(නිමල කොඩිතුවක්කු)
වසර 2020 වනවිට රටේ සියලූම දුම්කොළ වගාවන් සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන නතර කිරීමට තීන්දුවක් ගෙන ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
දුම්කොළ ආශ්‍රයෙන් 35000 ක පමණ පිරිසක් ජීවත්වන බවත් ඒ අයට වෙනත් වගාවන් සදහා ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියයි.
දුම්කොළ නිවාරණය පිළිබඳ ලෝක සෞඛ්‍යය සංවිධානයේ පස් අවුරුදු වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයේදී අද (28) ආරම්භ කරමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙම ව්‍යාපෘතිය සදහා බි‍්‍රතාන්‍යය රජය මගින් පවුම් මිලියන 15ක මුදලක් ප‍්‍රධානය කෙරෙන අතර ශ්‍රී ලංකාවට අමතරව වෙනත් රටවල් 15ක මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරේ.

